News Line| Off Air
Generic placeholder image

Jun
12

ට්‍රම්ප් – කිම් ජොන් ගැන සිංගප්පූරුවේ සිට ගෙන එන විශේෂ වාර්තාව…. – සියත 24 විශේෂ නියෝජිත කෝලිත විමලරත්න

1357 Views


ට්‍රම්ප් – කිම් ජොන් ගැන සිංගප්පූරුවේ සිට ගෙන එන විශේෂ වාර්තාව…. – සියත 24 විශේෂ නියෝජිත කෝලිත විමලරත්න

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර ඓතිහාසික හමුව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්වුණා පළමුව රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී සාකච්ඡාවේ සන්නිවේදන කටයුතු සදහා භාෂා පරිවර්තකයින් දෙදෙනෙක් සහභාගී වී සිටියා. ඉන් අනතුරුව ට‍්‍රම්ප් සහ කිම් ජොන් අන් දෙරටේ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වුණා එහිදී දෙරට සම්බන්ධ තීරණාත්මක කරුණු කිහිපයක් පිලිබදව සාකච්ඡා කර තිබෙනවා.

පසුව ඔවුන් දිවා භෝජන සංග‍්‍රහයකට ද එක්වූ අතර එහිදී ද සුවිශේෂී කරුණු කිහිපයක් පිලිබදව සාකච්ඡා වූ බව සදහන් එම දිවා භෝජන සංග‍්‍රහයෙන් පසු ට‍්‍රම්ප් සහ කිම් ජොන් අන් කැපෙලා හෝටලයේ සක්මන් කරමින් සුහද සාකච්ඡාවක නිරත වන අයුරු දක්නට ලැබුණා පසුව ඔවුන් දෙදෙනා අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ අතර එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මාධ්‍ය වෙත කියා සිටියේ මෙය අතිවිශේෂ බැදීමක් බවයි මෙම ගිවිසුමට අයත් ලියකියවිල්ල තුළ සුවිශේෂී කරුණු රැසක් අඩංගු වී ඇති බව විදෙස් වාර්තා පවසනවා න්‍යෂ්ඨික අවිහරණය ඇතුලූ කරුණු රැසක් ඊට ඇතුළත් විය හැකි බවයි ජාත්‍යාන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ එමෙන්ම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර සිටියේ සැබැවින්ම මෙම සාකච්ඡාව ධනාත්මක බවයි.

මෙම ඓතිහාසික හමුව පිළිබද වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගන්නවා සිංගප්පූරුවේ සියත වාර්තාකරු කෝලිත විමලරත්න…

 


News Articles
Latest Videos
Most Popular Post