News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් විහාරාධිපති හිමි සහ තවත් හිමි නමකට බරපතල තුවාල

712 Views


කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් විහාරාධිපති හිමි සහ තවත් හිමි නමකට බරපතල තුවාල

කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්. සහ තවත් හිමි නමක් බරපතල තුවාල ලබා තිබෙනවා. උන්වහන්සේලා මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ

කිරිවෙහෙර නාහිමියන් සහ අනෙක් හිමියන් කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වී තිබෙනවා.

රතු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි දැනට කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post