News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

විනිසුරුවරුන් පන්දුව මාරු කළාට විරෝධය පාමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වර්ජනයක. – Exclusive

4518 Views


විනිසුරුවරුන් පන්දුව මාරු කළාට විරෝධය පාමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වර්ජනයක. – Exclusive

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. තරඟය ලංකාවේ වෙලාවෙන් 7.30 ට අාරම්භ වෙන්න නියමිතයි. හැබැයි තාමත් ශ්‍රී ලංකා කණ්ඩායම හතරේ සීමාව අසල රැදී සිටිනවා. ඒ විනිසුරුවරුන් පන්දුවාර 80 සම්පුර්ණ වෙන්න කලින් පන්දුව මාරු කරපු එකට විරෝධය පාමින්.

මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ කළමණාකරු අසංක ගුරුසිංහ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ක්‍රීඩකයන් මේ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. ගුරුසිංහ ලොකු අාවේගයකින් ඉන්න බවක් තමයි පේන්නේ.

ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දුරකතන අැමතුම් ලබා ගනිමින් මේ ගැන උපදෙස් ලබා ගන්නා ආකාරයත් පෙන්න තියෙනවා. ICC ය සමඟත් මේ ගැන සාකච්ඡා කරනවා කියලයි විස්තර විචාරකයින් සඳහන් කරේ.

 

Update (09.15PM) –  මේ වන විට තරඟය ආරම්භ වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post