News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

වැඩි මිලට පොහොර අලෙවි කරන පුද්ගලයින්ගේ බලපත‍්‍රය අහෝසි කිරීමට පියවර

1508 Views


වැඩි මිලට පොහොර අලෙවි කරන පුද්ගලයින්ගේ බලපත‍්‍රය අහෝසි කිරීමට පියවර

සහතික මිලට පොහොර අලෙවි නොකරන පුද්ගලයන්ගේ බලපත‍‍්‍රය අහෝසි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඉදිරි මාස් කන්නයේ සිට යුරියා මිශ‍‍්‍ර පොහොර ඇතුලූ‍ සියලූ‍ පොහොර වර්ග සදහා සහතික මිලක් නියම කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

පොහොර සමාගම් සමඟ ඒ පිලිබදව සාකච්ඡා කිරීමට නියමිතයි. නිශ්චිත මිලක් යටතේ සියලූ‍ ගොවීන්ට පොහොර ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මිශ‍‍්‍ර පොහොර සදහා නිර්දේශිත මිලක් නියම කර නැහැ

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පොහොර ලබාදෙනුයේ රුපියල් 1 500ක සහන මිලකටයි. නමුත් ඇතැම් පිරිස් එම පොහොර රුපියල් දෙදහසක් වැනි මිලකට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබෙනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post