News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

ට‍්‍රම්ප්ගේ හිටපු ප‍්‍රචාරක කළමනාකරු බන්ධනාගාරගත කෙරේ

511 Views


ට‍්‍රම්ප්ගේ හිටපු ප‍්‍රචාරක කළමනාකරු බන්ධනාගාරගත කෙරේ

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ හිටපු ප‍්‍රචාරක කළමනාකරු පෝල් මනාෆෝට් නඩු විභාගයකින් තොරව බන්ධනාගාරගත කිරීමට වොෂින්ටන් ඞී සී විනිසුරුවරයෙකු විසින් නියෝග කර තිබෙනවා

පෝල් මනාෆෝට් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත්තේ ඔහුගේ ඇප අයැදුම්පත ද අවලංගු කරමින්

ඔහුට එල්ල වන චෝදනාව වන්නේ ජංගම දුරකතන භාවිත කරමින් ඇප කොන්දේසි කඩ කිරීමයි .

බදු වංචා, මුදල් විශුද්ධිකරණය හා නීති විරෝධී බලපෑම් කිරීම යන චෝදනා ද පෝල් මනාෆෝට්ට එල්ල වී තිබෙනවා

කෙසේ වෙතත් මෙය ඉතා අසාධාරණ ක‍්‍රියාවක් බව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා

පෝල් මැනාෆෝර්ට් පැනවූ දඬුවම දැඩි බවත් තව දුරටත් නඩු විභාගය සඳහා ඔහු නොයා යුතු බවත් ට‍්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.

Siyatha Top Story | 9:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post