News Line| Off Air
Generic placeholder image

Jun
16

ක්‍රීඩා ඇමතිගේ යෝජනාවට හිටපු සුපිරි ක්‍රීඩකයන්ගේ අවසන් තීරණය ලැබෙයි.

1564 Views


ක්‍රීඩා ඇමතිගේ යෝජනාවට හිටපු සුපිරි ක්‍රීඩකයන්ගේ අවසන් තීරණය ලැබෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්න කියලා ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාත් ප්‍රතික්ෂේප කරා කියලා සියත 24 වෙත දැනගන්න ලැබුනා.

අරවින්ද පවසන්නේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සුදුසු ම අවස්ථාව මෙය නොවන බවයි.

එම යෝජනාව මේ වෙද්දී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් ආයතනයේ යෝජනාවට අනුව ක්‍රිකට් උපදේශක කමිටුවට එන්න කියලා ක්‍රීඩා ඇමතිතුමාගෙන් කළ ආරාධනය සියලුම හිටපු ක්‍රීඩකයන් ඒකමතිකව ප්‍රතික්ෂේප කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post