News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

සටන් විරාමයේ රාමසාන් සමරද්දී ඇෆ්ගනිස්ථානයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්.

1078 Views


සටන් විරාමයේ රාමසාන් සමරද්දී ඇෆ්ගනිස්ථානයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්.

රාමසාන් සමරමින් සිටි තලෙයිබාන් සාමාජිකයින් සහ ඇෆ්ගන් වැසියන් ඉලක්ක කර එල්ල වූ මෝටර් රථ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ඊට, ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම තලෙයිබාන් සාමාජිකයින් ද ඇතුළත්.

මෙම ප‍්‍රහාරය එල්ලවී ඇත්තේ, රාමසාන් උත්සවය වෙනුවෙන් ඇෆ්ගන් රජය සහ තලෙයිබාන් සංවිධානය සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කර ඇති පසුබිමකදීයි. නන්ගහාර් පළාතේ ජලාලාබාද් ප‍්‍රදේශයට එල්ල වූ මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් තවත් 54 දෙනෙකු තුවාල ලැබුවා.

නිරායුධ තලෙයිබාන් සාමාජිකයින් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට රැුස් ව රාමසාන් උත්සවය සමරනු ලැබුවේ ඇෆ්ගන් වැසියන්ගේ හදවත් තුළ සාමය පිළිබඳ නව අපේක්ෂා දල්වමින්.

ඇතැම් තලෙයිබාන් සාමාජිකයින් නර්තනයේ යෙදෙමින් සෙල්ෆි ඡුායාරූප ගනිමින් රාමසාන් උත්සවය සමරන අයුරු ද කැමරා කාචවල සටහන් වුණා. නමුත් මෙවැනි අවස්ථාවක එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයත් සමග ඇෆ්ගන් වැසියන් යළි යුධ භීතියට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ප‍්‍රහාරයේ වගකීම, අයි එස් සංවිධානය විසින් භාරගෙන තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post