News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 50 ඉක්මවන තද වැසි.

687 Views


දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 50 ඉක්මවන තද වැසි.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 50 ක් පමණ වන තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පලාත් වලටත් ගාල්ල දිස්ත‍්‍රික්කයටත් එලෙස වැසි ඇති වන බවයි.

වයඹ පලාතට සහ මාතර දිස්ත‍්‍රික්කයටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා.

මේ අතර මීගමුව සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහල යා හැකි වනවා.

සෙසු මුහුදු ප‍්‍රදේශ වලද සුලගේ වේගය පැයට කිලෝමීටර 50 ක් දක්වා වැඩි විය හැකියි.

ඒ හේතුවෙන් ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිලිබදව සැලකිලිමත් වන ලෙසයිි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.

SIYATHA NEWS


News Articles
Latest Videos
Most Popular Post