News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

තද සුළඟකින් අම්පාර දිස්ත‍්‍රික්කයේ නිවාස රැසකට හානි

1080 Views


තද සුළඟකින් අම්පාර දිස්ත‍්‍රික්කයේ නිවාස රැසකට හානි

අම්පාර දිස්ත‍්‍රික්කයට ඇදහැලූ‍නු අධික වර්ෂාවත් සමඟ හමාගිය තද සුළඟකින් එම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 06ක නිවාස 136 කට හානි සිදුව තිබෙනවා.

ඊයේ පස්වරුවේ හටගත් මෙම සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක් අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විදුලි කණු මතට ගස් වැටීම නිසා විදුලි රැහැන් බිඳ වැටී තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට අම්පාර දිස්ත‍්‍රිකකයේ් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස ගණනාවකට විදුලිය ඇණහිට ඇති බව සඳහන්.

විදුලිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.

සුළගින් සිදුවූ හානිය තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට එම ප‍්‍රදේශවල ග‍්‍රාම සේවා නිලධාරීන් ප‍්‍රාදේශිය ලේකම්වරන් සහ ආපදා කළමණාකරණ නිලධාරීන් විසින් සිදු කරමින් පවතිනවා.

Siyatha Top Story | 02:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post