News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

නාමල්ගේ නඩුවේ සාක්ෂි විභාගය ජූලි10 දක්වා කල් යයි

892 Views


නාමල්ගේ නඩුවේ සාක්ෂි විභාගය ජූලි10 දක්වා කල් යයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 10 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතහමුවේ කැදවූ අවස්ථාවේදීයි.

නඩුවේ වැඩිදුර විභාගය අදආරම්භ වීමට නියමිතව තිබුණද එහි විත්තිකාරියක වන සුජානි බෝගොල්ලාගමගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව කල් දමන ලෙසයි.

සුජානි බෝගොල්ලාගමගේ දරුවා ඩෙංගු රෝගය වැළඳී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීම හේතුවෙන් නඩුව සදහා ඇයට සහභාගි විමට නොහැකි වී ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට මෙම නඩුව ගොනු කර ඇත්තේ පසුගිය රජය සමයේ නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බව පවසමින්. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ඇතුලූ විත්තිකරුවන් හයදනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුවා

මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට යි අධිකරණය තීරණය කර ඇත්තේ.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක මහතා ඇප මත මුදා හැරීමට මහර මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කලා. සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ එහිදී අධිකරණය මගින් රුපියල් 75 000 ක ශරීර ඇප දෙකක් සහ මුදලින් රුපියල් 1,000 ක ඇපයක් නියම කල බවයි.

කඩවත ප‍්‍රදේශයේ ඇවිදින මන්තීරුවක් අසලදී පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක මහතාව පසුගියදා කඩවත පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා. මහේෂ් නිශ්ශංක රජයේ නාලිකාවක මාධ්‍යවේදියකු මෙන්ම නිවේදකයකු ලෙසද කටයුතු කරනවා

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post