News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

ගිනි අවි 03 ක් ළඟ තබාගෙන සිටි මොණරාගල පුද්ගලයෙකු අත්අඩංගුවට

477 Views


ගිනි අවි 03 ක් ළඟ තබාගෙන සිටි මොණරාගල පුද්ගලයෙකු අත්අඩංගුවට

මොණරාගල මැදගම ප‍්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබී නීති විරෝධීව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි 03 ක් හමුවීම සම්බන්ධයෙන් මැදගම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකරු කුමන හේතුවක් මත මෙම ගිනි අවි ළග තබා ගත්තේද යන්න පිළිබදව එහිදී තොරතුරු සොයා බැලීමට නියමිතයි.

මැදගම පොලීසිය විසින් සිදු කළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

ඔහු රුවල්වෙල, මැදගම ප‍්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්. අත්අඩංගුවට ගත් සැකකරු අද බිබිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post