News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
19

ඉදිරි පැය කිහිපය තුළ දිවයින ආශ‍්‍රිතව සුළං තත්වයේ වැඩිවිමක්

670 Views


ඉදිරි පැය කිහිපය තුළ දිවයින ආශ‍්‍රිතව සුළං තත්වයේ වැඩිවිමක්

ඉදිරි පැය කිහිපය තුල දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ උතුර උතුරු මැද සහ ඌව පළාත් වලට සුලගේ වේගය එලෙස ඉහල යා හැකි බවයි.

එමෙන්ම උතුර සහ මන්නාරම් බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ අගයක් දක්වා ඉහල යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගයද පැයට කිලෝමීටර 60 ක් දක්වා වැඩි විය හැකි.යි

ඒ හේතුවෙන් ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිලිබදව සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලටත් අද දිනයේදී වැසි අපේක්ෂා කෙරෙනවා.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post