News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

ඉදිරි පැය කිහිපයේදී ප‍්‍රදේශ රැසකට තද සුළං

818 Views


ඉදිරි පැය කිහිපයේදී ප‍්‍රදේශ රැසකට තද සුළං

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඉදිරි පැය කිහිපය තුලදීද සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ උතුර උතුරු මැද වයඹ සහ ඌව පළාත් වලට සුලගේ වේගය එලෙස ඉහල යා හැකි බවයි.

එමෙන්ම උතුර සහ මන්නාරම් බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ අගයක් දක්වා ඉහල යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලා.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගයද පැයට කිලෝමීටර 60 ක් දක්වා වැඩි විය හැකියි.

ඒ හේතුවෙන් ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිලිබදව සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පලාත්වලට අද දිනයේදී වැසි අපේක්ෂා කෙරෙනවා.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post