News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

“ඥාණසාර හිමියන් හෙට දිනය වන විට නිදහස් කර ගැනීමට අපේක්ෂා කරනවා” – අමාත්‍ය දුමින්ද දිසානායක

548 Views


“ඥාණසාර හිමියන් හෙට දිනය වන විට නිදහස් කර ගැනීමට අපේක්ෂා කරනවා” – අමාත්‍ය දුමින්ද දිසානායක

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෙට දිනය වන විට නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ උන්වහන්සේගේ සුව දුක් බැලීම සදහා බන්ධනාගාරය වෙත යාමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

විහාර දේවාලගම් පනතට අනුව ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කිසිදු නෛතික හැකියාවක් නොමැති බව බොදු බල සේනා සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ ඩිලාන්ත විතානගේ මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොලඹදී මාධ්‍ය හමුවක් කැදවමින්.

මේ අතර ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඒ පිලිබදව ප‍්‍රශ්න කලා. මාස 06 කින් ගෙවිය යුතු පරිදි බරපතල වැඩ සහිත වසරක සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇප අයදුම්පත හෙටසලකා බැලීමට නියමිතයි

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post