පොලිතින් ද්‍රව්‍ය ආනයනයේදී දිරාපත් නොවන පොලිතින් සහ දිරාපත් වන පොලිතින් වෙන වෙනම හදුනා ගැනීමේ කේත ක‍්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ දිරාපත් නොවන පොලිතින් සහ දිරාපත් වන පොලිතින් එකම කේතයකින් පැමිණීම හේතුවෙන් ඒවා වෙන් වෙන්ව හදුනා ගැනීමට නොහැකි වී ඇති බවයි. දිරාපත් නොවන පොලිතින් තහනමට ලක් කිරීමත් සමග තවදුරටත් අඛන්ඩව ඒවා නිෂ්පාදනය බෙදාහැරීම අලවිය සහ භාවිතය සිදු කරන්නන් සොයා සිදු කරන වැටලීම් අඛණ්ඩව සිදු කරන බවද ඔහු සඳහන් කලා.
මේ අතර හරිත සියත තේමා පාඨය යටතේ පොලිතින් භාවිතය අවම කරවීමේ අරමුණින් සියත එෆ් එම් ආරම්භ කර ඇති කරකැවිල්ල වැඩසටහන සම්බන්ධයෙන් ද චන්ද්‍රරත්න පල්ලේගම මහතා අදහස් පල කලා.
කරකැවිල්ල වැඩසටහනේදී සියත එෆ් එම් ප‍්‍රවර්ධන අංශයේ නියෝජිතයන් දිවයින පුරා විවිධ ප‍්‍රදේශ වල දිරාපත් නොවන පොලිතින් එකතු කරමින් සංචාරයයේ නිරත වනවා. එහිදී ඔබ විසින් ලබා දෙන දිරාපත් නොවන පොලිතින් කවර 5 ක් සඳහා සියත එෆ් එම් කරකැවිල්ල කණ්ඩායමෙන් ස්ථීර ලෙස කාල සීමාවක් භාවිතා කල හැකි බෑගයක් ලබා ගැනීමට හැකියි.
SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe