News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

තැපැල් වෘත්තිය සමිති සහ තැපැල්පතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද

726 Views


තැපැල් වෘත්තිය සමිති සහ තැපැල්පතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද

වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ තැපැල්පතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. බඳවා ගැනීම් පටිපාටියේ වැටුප් තල සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන බවයි වර්ජනයේ නිරත ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති සඳහන් කලේ.

තැපැල් වෘත්තීය සමිති ඊයේ පස්වරුවේ දී ද තැපැල් බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එමගින්ද තමන් වෙත විසඳුමක් නොලැබුණු බව වෘත්තීය සමිති ප‍්‍රකාශ කලා.

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය සදහා අද දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර සේවකයන්ද එක් කර ගැනීමට නියමිතයි.

සිය ගැටලූවට ස්ථීර විසදුමක් ලබා දෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති ප‍්‍රකාශ කලේ.

බඳවා ගැනීම් ගැටලූවක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද ක‍්‍රියාත්මක වන්නේ 11 වන දිනටයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post