News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

නාවලපිටිය මුලික රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය සහ ශල්‍යාගාර තාවකාලිකව වසාදැමේ

1015 Views


නාවලපිටිය මුලික රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය සහ ශල්‍යාගාර තාවකාලිකව වසාදැමේ

නාවලපිටිය මුලික රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය සහ ශල්‍යාගාර තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ රෝහලේ විදුලි බලය බිඳවැටිම හේතුවෙන්.

විදුලි බලය ඇණ හිටිම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබු රෝගින් සහ තවත් රෝගින් රැසක් වෙනත් රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා.

ගම්පොල මුලික රෝහල , පේරාදෙණිය හා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඔවුන් මාරුකර යැවු බවයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සෙනරත් බණ්ඩාර සඳහන් කලේ.

වෙනත් රොහල් වලින් නාවලපිටිය රෝහල වෙත මාරු කර එවන හදිසි රෝගින් ද අද දිනයේ භාර නොගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් බාහිර රෝගි අංශය ඇතුලූ‍ අනෙකුත් සේවාවන් සමාන්‍ය පරිදි ක‍්‍රියාත්මකයි.

නාවලපිටිය රෝහලට තෙකලා විදුලිය ලබා දි ඇති අතර, රෝහලේ සවි කර ඇති විදුලි ජනක යන්ත‍්‍රයක් හරහා විදුලිය ලබා දි තිබුණා.

විදුලි ජනක යන්ත‍්‍රයේ ඇති වු දෝෂයක් හේතුවෙන් යළි විදුලිය ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

අදාළ විදුලි ජනක යන්ත‍්‍රයේ අලූත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නැයි දැනුම් දී ඇති බවයි නාවලපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කලේ.

 

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post