News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස්

938 Views


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස්

සිරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ උන්වහසේට ඇප ඉල්ලා ඉදිරිපත් කල ඇප අයදුම්පත අද හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදී.

සියත අධිකරණ වාර්තාකරු සදහන් කලේ එහිදී මහේස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කල බවයි.

එහිදී ඥානසාර හිමියන්ගේ විදේශ ගමන් ද තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ සංකීර්ණය තුළදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් තර්ජනය කිරීමේ වරද මත උන්වහන්සේට මාස 06 කින් ගෙවිය යුතු පරිදි වසරක සිරදඬුවම් නියම කෙරුණේ පසුගිය 14 වනදායි.

ඉන් අනතුරුව පාරශව රැසකින් ඊට එරෙහිව විරෝධතා එල්ල වුනා.


News Articles
Latest Videos
Most Popular Post