මාතර ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ අලවිසැලක සිදුවූ කොල්ලකෑමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප‍්‍රසිද්ධ අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක නැමැත්තාද වනවා. ඔහු සමග ඔහුගේ සොහොයුරෙකු සහ තවත් පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අදාළ මංකොල්ලයට සම්භන්ධ ප‍්‍ර‍්‍රධාන සැකකරු වන වේයන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි චාමර ඉන්ද්‍රජිත් නැමැත්තාද පොලීසිය විසින් අද පෙරවරුවේදී අත්අඩංගුවට ගත්තා. ඒ අනුව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 4 ක්.
මාතර සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා ප‍්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු තවදුරටත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි මාතර මහ රෝහලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ අතර කාන්තාවක් සහ බස් කොන්දොස්තරවරයෙකුද වනවා.
මෙම වෙඩි හුවමාරුව සිදු වුනේ මාතර නගරයේ පිහිටි රන් භාණ්ඩ වෙළඳ සැලක් මංකොල්ලකෑමට පැමිණි දෙපිරිසක් හා පොලීස් නිලධාරීන් අතරයි. මෙම මංකොල්ලය සදහා 06 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ තිබුණා.
Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka