News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

හම්බන්තොට සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට තීරණය කෙරේ

1730 Views


හම්බන්තොට සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට තීරණය කෙරේ

හම්බන්තොට සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ, එහි ජනන කටයුතු සිමා වීම හේතුවෙන් බලාගාරය පවත්වාගෙන යන ඉඩමට බදු ගෙවීමට සිදුවීම හේතුවෙන්.

හම්බන්තොට සුළං විදුලි බලාගාරය මෙරට පළමු සුළං විදුලි බලාගාරය වනවා. ඉන් ජාතික විදුලි බල පද්ධතිවය එක් වන විදුලි ධාරිතාව මෙගාවොට් 3ක්. මේ වන විට එහි ටර්බයින 2ක් අක‍්‍රීය වී තිබෙනවා

ඒ අනුව විදුලි ජනනය මෙගා වොට් 1 යි දශම 03 ක් පමණ දක්වා අඩු වී ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය සදහන් කලේ. පවතින තත්වය මත අදාළ විදුලි බලාගාරය පවතින ඉඩමට බදු ගෙවමින් එය එහි පවත්වාගෙන යාම ලාභදායී නොවන බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් හම්බන්තොට සුළං විදුලි බලාගාරය සිය පරිශ‍්‍රයේ සිථාපිත කිරීමට කරණු අධ්‍යනය කරමින් පවතිනවා

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post