මාතර රන් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයේදී සිදු වූ වෙඩි තැබීමේදී අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නැමති සැකකරු පොලිසියට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ඊයේ රාති‍්‍රයේ ඔහු මාතර කිරළකැලේ ප‍්‍රදේශයේ සගවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී එහි තිබූ අත්බෝම්බයක් රැගෙන පොලිසියට ප‍්‍රහාර එල්ල කිරීමට තැත් කළ බවයි. ඒ අවස්ථාවේදී ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් සැකකරු තුවාල ලබා ඇති අතර රෝහලට රැගෙන යන අතරතුර ඔහු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ සිද්ධියේ ප්රධාන සැකකරු වන වේයන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කොස්ගොඩ තාරක ඇතුලූ සැකකරුවන් සිවු දෙනෙකුු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු තවදුරටත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි මාතර මහ රෝහල සඳහන් කළේ.
මාතර ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ අලවිසැලක් 06 දෙනෙකුගෙන් සමන්විත කිසියම් පිරිසක් විසින් කොල්ලකෑමට ගිය අවස්ථාවේදී ලද තොරතුරක් මත පොලීසිය පැමිණීමත් සමග අපරාධකරුවන් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදු වුනේ ඊයේ පෙරවරුවේදීයි. එහිදී අපරාධකරුවන්ගේ වෙඩි ප‍්‍රහාරයෙන් මිය ගිය සුරංග ප‍්‍රදීප් නම් 33 හැවිරිදි පොලිස් කොස්තාල්වරයා පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.
Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala