පොසොන් උත්සවය හේතුවෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් හෙට සිට ලබන 29 වනදා දක්වා දින හතරක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල් එලෙස වසා දැමෙනු ඇති. පොසොන් උත්සවයේ රාජකාරි කටයුතු කිරිම සඳහා පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නවාතැන් පහසුකම් සඳහා මෙම පාසල් වෙන් කර තිබෙනවා.
මීට අමතරව අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල, විවේකානන්ද මහ විදුහල, නිවන්තකචේතිය මහ විදුහල, කම්මලක්කුලම විදුහල, කුරුන්දන්කුලම මහා විදුහල, මිහින්තලේ මුස්ලිම් විද්‍යාලය සහ මිහින්තලේ ආදර්ශ ප‍්‍රාථමික පාසල යන පාසල් ලබන 28 සහ 29 යන දෙදින පමණක් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.
අද සිට ලබන 30 වනදා දක්වා වූ සතිය ජාතික පොසොන් සතිය ලෙස නම් කර තිබෙනවා. ඒ මෛත‍්‍රීයෙන් සිත් නිවමු යන තේමාව යටතේයි. අනුබුදු මිහිදු මාහියන් මෙරටට වැඩම කරවිම සිහි කරමින් අනුරාධපුර ඇතුලූ සිද්ධස්ථාන වල ආගමික වැඩසටහන් පැවැත්වෙනවා.
දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවයි ජාතික පොසොන් කමිටුව පැවසුවේ. එසේම පුරා වස්තුන් වලට හානි නොකරන ලෙසත් පුදබිම් පවිත‍්‍රතාව කෙරෙහි සැළකිලිමත් වන ලෙසත් එම කමිටුව වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දැනුම් දි සිටිනවා.