News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වුවන් බලහත්කාරයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදෙයි.

564 Views


අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වුවන් බලහත්කාරයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදෙයි.

සූරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වූවන් අද බලහත්කාරයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදුනා. ඒ අඩි 100 මාර්ගය සකස් කිරීමේ දී අහිමි වූ සිය ඉඩම් සදහා තවමත් වන්දි මුදල් ලබා දි නොමැති බව පවසමින්.

ඒ අනුව දේපල අහිමිවූවන් අද හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ නිල කාර්යාලය අසල රැදී සිටියා.

එම අවස්ථාව වනවිට හම්බන්තොට දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැුස්විම එහි පැවැත්වුනේ අමාත්‍ය මහින්ද අමරවීර සහ රජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චී යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් 05 දෙනෙකුට අමාත්‍යවරුන් සමග සාකච්ඡුාවක් ලබා දී ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

වන්දි නොලැබුනු ජනතාව සූරියවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මරාන්තික උපවාසය අද 04 වන දිනටත් ක‍්‍රියාත්මකයි.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor: Nayomi Karunasinghe 


News Articles
Latest Videos
Most Popular Post