මොනරාගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සභා හයක සභාපතිවරුන් හා ප‍්‍රදේශීය සභා දෙකක උප සභාපතිවරු දෙදෙනෙකු අද පැවති මොනරාගල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වර්ජනය කරමින් ඉන් පිටව ගියා. ඒ ආසන පැනවීමේ ගැටලූවක් මුල්කර ගනිමින්.
මොනරාගල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්විම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේ දී අද රැස් වුණා. එහිදී ආසන පැනවීම සම්භන්ධයෙන් මතුවූ ගැටලූවක් මුල් කර ගනිමින් පිටව ගියේ මොනරාගල,බිබිල,මඩුල්ල,බුත්තල,වැල්ලවාය,බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාවල සභාපතිවරුන් හා මැදගම හා සියඹලාණ්ඩුව යන ප‍්‍රාදේශිය සභාවල උප සභාපතිවරුන්.
මේ පිළිබඳව අදහස් දැක්වු මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම් රත්නවීර මහතා පැවසුවේ ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ආසන පැනවීම සිදුකරන්නේ වේදිකාවේ ඉහළ වුවත් මෙවර ආසන පනවා තිබුණේ වේදිකාවේ පහළින් බවයි.
ඒ අනුව ප‍්‍රාදේශීය සභා සභාපති තනතුර හෑල්ලූවකට ලක් කළ නොහැකි බැවින් සභාවෙන් පිටව ගිය බව ඔහු සදහන් කලා.
SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor: Nayomi Karunasinghe