වර්ජනයේ නිරත ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වල ගමන් බලපත‍්‍ර අහෝසි කිරිමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිශන් සභාව පවසනවා.
එහි සභාපති එම් ඒ ජී හේමචන්ද්‍ර මහතා සදහන් කලේ දුර පළාත් බස් රථ රියදුරන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සාධාරණ නොවන බවයි.
ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ අද අලූයම සිට වැඩ වර්ජනයක නිරත වනවා. ඒ කෙටි දුර සේවා බස්රථ රියදුරන්ගෙන් තර්ජන එල්ල වී ඇති බවට පවසමින්.
රත්ගම,කහව, අම්බලන්ගොඩ,බලපිටිය සිට අලූත්ගම දක්වා ප‍්‍රදේශ වලින් මගීන් ගැනීමේදී සහ බැස්සවීමේදී කෙටි දුර සේවා බස්රථ රියදුරන්ගෙන් එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මෙම පියවර ගත් බව දුර ගමන් සේවා පෞද්ගලික බස්රථ සංගම් පවසනවා.
කෙටිදුර ධාවනය කරන මගී බස්රථ රියදුරන් සදහන් කළේ දුර සේවා මගී බස්රථ සාමාන්‍ය නැවතුම් වල මගීන් ගැනීම නිසා තමන්ගේ ආදායම පහළ බැස ඇති බවයි.
කෙසේ වෙතත් මෙම ගැටලූව සදහා විසදුමක් නොලැබුනහොත් සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය දැඩි කරන බව මාතර මගී ප‍්‍රවාහන සංගමයේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසුවා.
SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor: Nayomi Karunasinghe