News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

යල කන්නයේ වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂය ඉක්මවයි

651 Views


යල කන්නයේ වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂය ඉක්මවයි

මෙවර යල කන්නයේ වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂ 38,399 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය කළින් සැලසුම් කළ පරිදි වගා කිරීමට යෝජිතව තිබුනේ කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 02 කට ආසන්න ප‍්‍රමාණයක්.

එහෙත් වර්ෂාව හේතුවෙන් වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටෙයාර් පන්ලක්ෂය ඉක්මවා ඉහළ යාම නිසා මෙවර යළ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙවර යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය වශයෙන් ලබා දෙන පොහොර ප‍්‍රමාණය ද කිසිදු හිගයකින් තොරව ඉහළ නංවන ලෙසයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබා දුන්නේ.

වී වගාව සඳහා ලබා දෙන පොහොර මිටියක් රු. 500කට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින්ද, සෙසු වගාවන් සඳහා යුරියා පොහොර මිටියක් රු. 1 500කට නියෝජිත ආයතනවලින්ද මිල දී ගත හැකියි.

එමෙන්ම කාබනික වගාව යටතේ වී හා වෙනත් එළවලූ‍ හා පලතුරු වගා කරන ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන රජය මගින් ලබා දීමට ද පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post