News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

16 කණ්ඩායම අද විමල් හමු වෙයි.

517 Views


16 කණ්ඩායම අද විමල් හමු වෙයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම අද ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් විරවංශ මහතා හමු වනවා. ඒ එම කණ්ඩායම දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවිමේ වැඩපිළිවෙලේ එක් අදියරක් ලෙසයි.

මෙහිදී පවතින දේශපාලන තත්වය සම්භන්ධයෙන් සාකච්ඡුා කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කලෙ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැුස්වීමක් අද පැවැත්වෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි කටයුතු පිලිබදව මෙහිදී සාකච්ඡුා කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා සදහන් කලේ.

මෙම රැස්වීම සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ද සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව් ඞී ජේ සෙනවිරත්න මහතා පසුගියදා සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post