News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

STF සමඟ වෙඩි හුවමාරුවෙන් මධූෂගේ ගෝලයෙක් මරුට.

606 Views


STF සමඟ වෙඩි හුවමාරුවෙන් මධූෂගේ ගෝලයෙක් මරුට.

මාතර – කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ සිදුවු වෙඩි හුවමාරුවකින්ප‍්‍රභල පාතාල කල්ලි සාමාජිකයෙකු වන මානෙල් රෝහණ නොහොත් තිලක් නැමැත්තා මිය ගොස් තිබෙනවා.

මොහු මාකඳුරේ මධූෂ් නැමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු බවයි පොලීසිය පැවසුවේ. කඹුරුපිටිය ප‍්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් මේ දින වල සැරිසරණ බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් ලැබි තිබුණා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රාජකාරියේ යෙදී සිට තිබුනේ කඹුරුපිටිය අකුරැුස්ස මාර්ගයේ විල්පිට ප‍්‍රදේශයේ විශේෂ මාර්ග බාධකයක් යොදා ගනිමින්. ඊයේ රාත‍්‍රියේ තිරෝද රථයක් අකුරැුස්ස සිට කඹුරුපිටිය දෙසට අණ නොතකා ධාවනය කර තිබුණා.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අදාළ තිරෝද රථය ලූහුබැඳගොස් ඇති අතර එය එක්වරම කැලෑබද ප‍්‍රදේශයකට අතුළු වී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ. එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකළ ප‍්‍රතිප‍්‍රහාරයෙන් අනතුරුව එම සැකකරු මිය ගොස් තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post