News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සඳහා 16 දෙනාගේ කණ්ඩායමෙන් සාකච්ඡාවක්

579 Views


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සඳහා 16 දෙනාගේ කණ්ඩායමෙන් සාකච්ඡාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සදහා ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ සමග සාකච්ඡා කල බව ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා මේ බව ප‍්‍රකාශ කලේ අද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාව හමුවීමෙන් පසු සියත ප‍්‍රවෘත්තී වෙත අදහස් දක්වමින්.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් අද රාත‍්‍රියේදී පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදීයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙනවා

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post