බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන් වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන් වන දිනය අතරතුරදී අනතුරකට ලක්ව රෝහල් ගත කෙරුණු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.
එහි ප‍්‍රකාශකයෙක සදහන් කලේ ප‍්‍රතිකාර වලින් අනතුරුව රෝහලේ සිට නවාතැන් ගෙන සිටින හෝටලය වෙත කුසල් යළි පැමිණ ඇති බවයි.
කොදෙව්වන්ට එරෙහි තුන් වන ටෙස්ට් තරගයේ තුන් වන දිනයේ දිල්රුවන් පෙරේරා යැවූ 28 වන පන්දුවාරයේ 5 වන පන්දුවේදී පන්දුවට පහර දෙමින් සිටි ශෙනෝන් ගේ‍්‍රබ්රියල් එල්ල කළ හයේ පහර රැුක ගැනීමට යාමේදීයි කුසල් ජනිත් පෙරේරා අනතුරට ලක්වුනේ.
හතරේ සීමාව දෙසට එල්ල වූ උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කළ කුසල් ජනිත් පෙරේරා දැන්වීම් පුවරුවක ගැටී අනතුරට වුණා.
බිම ඇදවැටුණු ඔහු උපකාර ඉල්ලා සංඥා කළ අතර පසුව ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කලා. ඒ හේතුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසීමට කුසල් ජනිත් පෙරේරාට නොහැකි වූ අතර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසුනේ මහේල උඩවත්ත සහ ධනුෂ්ක ගුණතිලක යි.
කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරේරා හෙට දිනයේ පන්දුවට පහරදීම තීරණාත්මක වනු ඇතී.
තුන් වන දිනය නිමා වන විට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 05 ක් දැවී ලකුනු 81 ක් රැස් කර ගෙන සිටිනවා.
කුසල් මෙන්ඩිස් සහ දිල්රුවන් පෙරේරා නොදැවවී පන්දුවට පහර දෙමින් සිටින අතර පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දීමට පැමිණීමට ඇත්තේ කුසල් ජනිත් පෙරේරා පමණයි.
Siyatha Top Story | 01:00 PM | Editor : Nayomi Karunasinghe