News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 03 කට පහර දීමක්.

489 Views


ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 03 කට පහර දීමක්.

ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අතරතුරදී ධාවනය කල ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 03 කට පහර දීම් සිදුව තිබෙනවා.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාත් ධාවන අධ්‍යක්ෂ ප‍්‍රදීප් චන්දන මහතා සදහන් කලේ ඊයේ රාත‍්‍රියේ බස් රථ 03 කට මෙලෙස පහර දීම් සිදුව ඇති බවයි.

පවතින තත්වය යටතේ සිය බස් රථ ධාවනයේ දී පොලිස් ආරක්ෂාව ලබා ගැනීම කෙරෙහි සාකච්ඡුා කරන බව ද ඔහු පැවසුවා.

වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ සේවකයික් අද දිනය තුළ සේවායට වාර්තා නොකරන්නේ නම් ගමන් බලපත‍්‍ර අහෝසි කිරිමට පියවර ගන්නා බවයි ජාතික ගමනා ගමන කොමිශන් සභාව සදහන් කලේ.

දුර පළාත් බස් රථ රියදුරන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සාධාරණ නොවන බව එහි සභාපති එම් ඒ ජී හේමචන්ද්‍ර මහතා පැවසුවා.

ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ ඊේය් අලූයම ආරම්භ කල වැඩ වර්ජනය තව දුරටත් ක‍්‍රියාත්මකයි.

කෙටි දුර සේවා බස්රථ රියදුරන්ගෙන් තර්ජන එල්ල වී ඇති බවට පවසමින් මෙම පැවැත්වෙනවා.

රත්ගම,කහව, අම්බලන්ගොඩ,බලපිටිය සිට අලූත්ගම දක්වා ප‍්‍රදේශ වලින් මගීන් ගැනීමේදී සහ බැස්සවීමේදී කෙටි දුර සේවා බස්රථ රියදුරන්ගෙන් එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මෙම පියවර ගත් බව දුර ගමන් සේවා පෞද්ගලික බස්රථ සංගම් පවසනවා.

කෙටිදුර ධාවනය කරන මගී බස්රථ රියදුරන් සදහන් කළේ දුර සේවා මගී බස්රථ සාමාන්‍ය නැවතුම් වල මගීන් ගැනීම නිසා තමන්ගේ ආදායම පහළ බැස ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ගැටලූව සදහා විසදුමක් නොලැබුනහොත් සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය දැඩි කරන බව මාතර මගී ප‍්‍රවාහන සංගමයේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසුවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post