News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද මධ්‍යම රාති‍්‍රයේ සිට

422 Views


වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද මධ්‍යම රාති‍්‍රයේ සිට

වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත පැවසුවේ, සියලූ තැපැල් සේවකයින් අද මධ්‍යම රාති‍්‍රයේ සිට තැපැල් රාජකාරී සදහා එක්වන බවයි.

තැපැල් අමාත්‍යවරයා හා තැපැල් බලධාරීන් සමග ඊයේ පැවැති සාකච්ඡුාවලින් පසුව ඇති කර ගත් එකඟතා මත ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ලබන මස 07 වනදා තෙක් වර්ජනය තාවකාලිකව අතහැර දැමීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කළා.

ලබන මස 07 වනදා තෙක් තැපැල් සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන අතර බඳවා ගැනීමේ පටිපාටියට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ආරම්භ කර ඇති උපවාසය ද තවදුරටත් ක‍්‍රියාත්මකයි.

දින 16ක් පුරා ක‍්‍රියාත්මක වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ හා තැපැල් කාර්යාලවල ලිපි ලක්ෂ 15 ක් පමණ ගොඩ ගැසී තිබෙනවා.

මීට අමතරව විදේශීය තැපෑල මගින් ලැබුණු තැපැල් මළු දහස් ගණනක් ද කටුනායක ගුවන්තොටුපොළේ ගොඩ ගැසී ඇති බවයි වාර්තා වන්නේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post