News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

අධිවේගී මාර්ගවල වාහන ඇතුළු කිරීමට පෙර දැඩි පරික්ෂාවට ලක් කෙරේ.

821 Views


අධිවේගී මාර්ගවල වාහන ඇතුළු කිරීමට පෙර දැඩි පරික්ෂාවට ලක් කෙරේ.

අධිවේගී මාර්ගවල වාහන ඇතුළු කිරීමට පෙර ඒවා දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරු හා වාහන කාර්මික දෝෂවලට ලක්වීම ඉහළ යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මේ සඳහා අධිවේගී මාර්ග පිවිසුම් දොරටු ආශ‍්‍රිතව අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

වාහනවල තිරිංග සහ සුක්කානම හොඳින් ක‍්‍රියාත්මක ද යන්න පිළිබඳව මෙන් ම ආසන පටි, පැති කණ්ණාඩි හා වේග මීටර ක‍්‍රියාත්මක ද යන්න පරීක්ෂා කිරීම මේ යටතේ අනිවාර්ය වනවා.

වාහනවල ටයර් නිසි ප‍්‍රමිතියෙන් නොමැති වීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ අනතුරු බහුලව සිදු වන බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව අධිවේගී මාර්ගවලට ඇතුළු කරන වාහනවල ටයර්වල තත්ත්වය සම්බන්ධයෙන් ද මූලික පරීක්ෂාවක් පිවිසුම් දොරටුවලදී සිදු කෙරෙනු ඇති.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල දෝෂයක් ඇති වුවහොත් 19 යි 69 ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ද පොලිසිය දැනුම් දී සිටිනවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post