News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ වල්ලපට්ටා තොගයක් කටුනායකදී අත්අඩංගුවට

708 Views


නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ වල්ලපට්ටා තොගයක් කටුනායකදී අත්අඩංගුවට

වල්ලපට්ටා තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ගුවන් මගියෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපළේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර, කුරුවිට ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද උදෑසන ඩුබායි බලා පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර සැකකටයුතු හැසිරීම හේතුවෙන් ඔහුව පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී සැකකරු විසින් රැගෙන ආ ගමන් මලූ‍ කීපයකම සගවා තිබූ කිලෝ 18 යි ග‍්‍රෑම් 200 ක වල්ලාපට්ටා තොගයක් සොයාගත් බවයි රේගුව සදහන් කළේ. එම වල්ලපට්ටා තොගයේ වටිනාකම රුපියල් දොළොස් ලක්ෂ 60,000 කට අධිකයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post