News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

සිය ගැටලූ වලට විසදුම් නොලැබුනහොත් ලබන මස 7 වනදා සිට යලි වැඩවර්ජනයට යන බව තැපැල් සංගමය කියයි.

516 Views


සිය ගැටලූ වලට විසදුම් නොලැබුනහොත් ලබන මස 7 වනදා සිට යලි වැඩවර්ජනයට යන බව තැපැල් සංගමය කියයි.

දින 16 ක දීර්ඝ තැපැල් සේවක වර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබුණු ලක්ෂ 15 ක ලිපි තොගය බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සදහන් කලේ හෙට දින වන විට එම සියලූ ලිපි බෙදා දීම අවසන් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව ජනතාව වෙත නොලැබුනු ලිපි සහ පාර්සල් අද සිට ලබා ගැනීමට හැකි වනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ කෙසේවෙතත් සිය ගැටලූ වලට විසදුම් නොලැබුනහොත් ලබන මස 7 වනදා සිට යලි වැඩවර්ජනයට අවතීර්ථ වන බවයි.

වැටුප් ගැටලූ සහ බදවා ගැනීම් ගැටලූ ඇතුලූ ගැටලූ කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කලේ පසුගිය 11 වනදා සිටයි.

කෙසේවෙතත් පසුගිය 26 වනදා තැපැල් බලධාරීන් සමග පැවති සාකච්ඡුාව සාර්ථක වීම හේතුවෙන් එම වර්ජනය නතර කෙරුණා.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post