News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

අකීලා ව්‍යාපෘතිය නවතා දැමීමට Facebook සමාගම තීරණය කරයි.

822 Views


අකීලා ව්‍යාපෘතිය නවතා දැමීමට Facebook සමාගම තීරණය කරයි.

ඉහළ අහසේ පියාසර කරන ඩ්‍රෝන යානා මගින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට තමන් කළ සැලැසුම අත්හැර දැමීමට ෆෙස්බුක් සමාගම තීරණය කර තිබෙනවා. ඊට අදාල අකීලා ව්‍යාපෘතිය ප‍්‍රකාශයට පත්කලේ 2014 වසරේදී යි.

නමුත්, ගූගල් ඇතුළු තරගකාරී ආයතනයන් වාර්තා කළ දිගු පියාසර කාලයට ළඟාවීමට නොහැකි වීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට නොහැකි වීම මත ෆේස්බුක් සමාගම එය අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම පරීක්ෂණ චාරිකාවක් අවසානයේ නැවත ගොඩබෑමෙදී යානයේ පියාපත් බිදීයාමකට ද ලක් වුනා.

විකල්පයක් ලෙස එයාබස් වැනි වෙනත් සමාගම් සමග එක්ව, වැඩි පිරිසකට අන්තර්ජාල පහසුකම් ලබාදීමේ තම සැලැසුම් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ෆෙස්බුක් සමාගම සදහන් කලේ.

අකීලා ගුවන් යානයක පියාපත් විහිදීම, බෝයිං 737 යානයකට සමාන වනවා. එහි බර සාමාන්‍ය මෝටර් රථයකට සමානයි. එය දිවා කාලයේ සූර්ය බලයෙන් ක‍්‍රියාත්මක වන අතර රාත‍්‍රියේදී බැටරි බලයෙන් ක‍්‍රියාත්මක කිරීමටයි සැලැසුම් කර තිබුනේ.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post