News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

තලාව බැංකු කොල්ලයේ වටිනාකම මිලියන 95 ක් බව හෙළි වෙයි

1000 Views


තලාව බැංකු කොල්ලයේ වටිනාකම මිලියන 95 ක් බව හෙළි වෙයි

තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබී සොරා ගත් ස්වර්ණාභරණ වල වටිනාකම රුපියල් මිලියන 78 ක් බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසුවේ සැකකරුවන් විසින් රුපියල් මිලියන 17 ක මුදල් ද සොරා ගෙන ඇති බවයි.

අද උදැසන බැංකුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුව බැංකු නිලධාරින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව පොලිසිය හා බැංකු නිලධාරින් එක්ව සිදුකළ පරික්ෂණයේදී එහි සේප්පුවද කඩා බිඳ දමා ඒ තුල තිබූ මුදල් සහ රං භාණ්ඩ සොරා ගෙන ගොස් තිබූ බවයි අනාවරණය වුණා.

පසුගිය සිකුරාදා අදාළ රාජ්‍ය බැංකුවේ ගනුදෙනු අවසන් විමෙන් පසුව වසා දමා නැවත අද විවෘත කර තිබුණු අතර ඒ කාලය අතරතුරදී කිසියම් කණ්ඩායමක් මෙම සොරකම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් බැංකුවේ පිටුපස දොරටුව කඩා දමා ඊට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර ඇති බවට පොලිසිය සැක පල කරනවා.

Siyatha Top Story | 04:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post