News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

මාතර ස්වර්ණාභරණ කොල්ලයට සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයා ගැනේ

601 Views


මාතර ස්වර්ණාභරණ කොල්ලයට සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයා ගැනේ

මාතර ස්වර්ණාභරණ කොල්ලය සදහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද අලූයම මොරගහහේන – තලගල ප‍්‍රදේශයේදී එම මෝටර් රථය සොයාගත් බවයි.

මෝටර් රථය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා තී‍්‍රරෝද රථ රියදුරෙක්.

ඔහුගේ බිරිදගේ නමට, අදාළ මෝටර් රථය ලියාපදිංචි කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමට සම්බන්ධ කොස්ගොඩ තාරක නැමැත්තා සමග සමීප හිතවත්කමක් පවත්වාගෙන යන්නෙකු බව ද පොලිසිය සදහන් කළා.

අදාළ කොල්ලය සැලසුම් කර ඇත්තේ ද සැකකාර තී‍්‍රරෝද රථ රියදුරා පදංචි මොරගහහේන – තලගල ප‍්‍රදේශයේ පිහිටි නිවසේදී බව ද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකදී එක් පොලිස් නිලධාරියෙකු මියගොස්, තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලැබුවේ පසුගිය මස 22 වනදායි.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post