අපරාධ ගණනාවක් සිදු කොට සැඟව සිටි අපරාධකරුවෙකු විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් යොදාගනිමින් ඔහු මෙරටට පැමිණි පසු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුවයි.
සැකකරු 2003 වසරේදී ගල්කිරියාගම බළලූවැව ජයමාවත හංදියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයක හප්පා ඝාතනය කිරිමට තැත් කර ඇති අතර තවත් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවියක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයෙක්.
ඔහු 45 හැවිරිදි ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර දැනට වසර 15 කට ආසන්න කාලයක් තිස්සේ ව්‍යාජ නමකින් සකසන ලද විදේශ ගමන් බලපත‍්‍රයක් උපයෝගී කරගෙන කුවේට් රාජ්‍යයේ සැගවී සිට තිබෙනවා.
හිටපු ගුවන් හමුදා සෙබලෙකු වන සැකකරු වසර 03 ක සේවා කාලයකින් පසු 2001 වසරේ සිට සේවයට නොදන්වා හැර ගිය අයෙක්.
පොලිස් නිලධාරියෙකු ඝාතනයට තැත් කිරීම සහ ගිනි අවියක් පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සැකකරු අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Sitahara Athukorala