ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍ය ආයතන වලට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම පුවත්පත මගින් දැනුම් දී තිබෙනවා.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය වාර්තාකරණය පිලිබදව ගැටලූවක් පවතින්නේ නම් වහාම නිව්යෝක් ටයිම්ස් හි ජේ්‍යෂ්ඨ කතුවරයන් අමතන ලෙස යි.
එම පුවත්පත පසුගියදා වාර්තා කල ලිපිය සම්බන්ධයෙන් මෙරට දේශපාලන වේදිකාවේ පල වූ අදහස් සැලකිල්ලට ගනිමින් එම නිවේදනය නිකුත් කර තිබෙනවා.
අදාල පුවත්පත් වාර්තාවේ සදහන් කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එය වාර්තා කිරීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පළමුවනදා කුරුණෑගල ප‍්‍රදේශයේදී ප‍්‍රකාශ කලා.
මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා නිව්යෝක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කලා.
2015 ජනාධිපතිවරණය සමයේදී චයිනා හාබර් සමාගම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 7යි දශම 6 ක්ලබා දී ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ පසුගිය 26 වනදායි
SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka