ගුරු විභාග සමත් මධ්‍යම පලාතේ කිසිදු උපාධිධාරීයෙකුට මෙතෙක් රැකියා ලබා දී නොමැති බව එම පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසනවා.
එහි කැදවුම්කරු නාලක දිසානායක මේ බව ප‍්‍රකාශ කලේ අද මධ්‍යම පලාත් සභාව ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
විරෝධතාකරුවන් මධ්‍යම පලාත් සභාවට ඇතුලූ වීමට උත්සහ කල අතර පොලීසි ඊට බාධා කරමින් එය වැලැක්වීමත් සමග පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක්ද ඇති වුනා.
රැකියා විරහිත උපාධිධාරීන් හෙට කොළඹදීද උද්ඝෝෂණයක නිරත වීමට නියමිතයි.
මේ අතර දේශපාලන පලි ගැනීම් මත පත්වීමම් සහ ස්ථාන මාරු වීම් සිදු කිරීමට විරෝධය පල කරමින් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් හෙට ලෙඩ නිවාඩු දමා සංඛේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka