වැලිකඩ සිද්ධිය සම්භන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමා හේවා මහතා හා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත නාවාන මහතා හමුවේ නඩුව අද කැදවූ අවස්ථාවේ දීයි. සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඔහු අසනීප වී සිටින බැවින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාරය අධිකරණයට ලිපියක් මගින් දැනුම් දුන්නේ
වැලිකඩ සිද්ධියට අදාළව අධිකරණයේ බාරයේ තිබු තවත් ටී 56 ගිනි අවි 25 ක් නඩු භාණ්ඩ ලෙස රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබාගැනීමට ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලා.
Siyatha Top Story | 01:00 PM | Editor : Nayomi Karunasinghe