පාර්ලිමේන්තුව හෙට දින දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ මොහොතකට පෙර පියවර ගත්තා.
ඒ රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ දින සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන්.
පාර්ලිමේන්තුව තුල එම නොසන්සුන්කාරී තත්වය හට ගත්තේ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකල ප‍්‍රකාශයට එරෙහිව ගන්නා පියවර කුමක්ද යන්න විප්කෂයේ මන්ත‍්‍රීවරුන් විසින් විමසීමත් සමගයි.
ඊට පිලිතුරු ලබා දෙමින් කතානායකවරයා කියා සිටියේ එම ප‍්‍රකාශයට අදාලව තමාද රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බවයි.
එහිදී විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් යලි සභාවේ විරෝධතා මතු කලා.
අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සහ කිරීමත් සමග කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමට පියවර ගත් බවයි.
උතුරේ ජනතාවට මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සදහා එල් ටී ටී ඊ් සංවිධානය මෙරට තුල යලි ස්ථාපිත විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කලේ ඊයේ යාපනය ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී.
එම උත්සව අවස්ථාව සදහා අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන තිලක් මාරපන සහ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන් යන මහත්වරුන්ද එක්ව සිටියා.
Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka