රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ සිදු කල ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇත්නම් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස කතානායක කරූ ජයසූරිය මහතා නිතීපතිවරයාට දැනුම් දී තිබෙනවා.
ඒ අදාල ප‍්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධය සැලකිල්ලට ගනිමින්.
මේ අතර අද දිනට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවමින් පාර්ලිමේන්තුව හෙට දින දක්වා කල් තැබීමට කතානායකවරයා අද පස්වරුවේ පියවර ගත්තා.
ඒ අද පස්වරුවේ පාර්ලිමෙන්තුව ආරම්භ වීමත් සමග රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ දින සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන්.
මේ අතර රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ දින සිදු කල ප‍්‍රකාශයට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව අද පොලිස් මූලස්ථානය වෙත පැමිනිල්ලක් භාර දුන්නා.
ඒ ජාතික ආරක්ෂාවට සහ ජාතික සාමයට බලපෑම් ඇතිවන ආකාරයේ ප‍්‍රකාශයක් සිදු කල රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගත යුතු බව පවසමින්.
උතුරේ ජනතාවට මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සදහා එල් ටී ටී ඊ් සංවිධානය මෙරට තුල යලි ස්ථාපිත විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කලේ ඊයේ යාපනය ප‍්‍රදේශයේ පැවති ජනපති නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.
එම උත්සව අවස්ථාවට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන තිලක් මාරපන සහ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන් යන මහත්වරුන්ද එක්ව සිටියා.
Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka