තායිලන්තයේ ගුහාවක සිර වී සිටින එරට පාසල් පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඉන් පිටතට ගෙන ඒම සදහා තවත් මාස 04 ක පමණ කාලයක් ගත වනු ඇති බව තායිලන්ත ආරක්ෂක බලධාරීන් පවසනවා. ඒ අධික වර්ෂාවත් සමග ගුහාවේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින්.
එම ජල මට්ටම අඩු වීම ඉතා මන්දගාමීව සිදු වනු ඇති බවයි තායි බලධාරීන් පවසන්නේ. එතෙක් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන කිමිදුම්කරුවන් මාර්ගයෙන් එම ස්ථානයට යැවීමට නියමිතයි.
ජල මට්ටම අඩු වූ වහා එම දරුවන් පිටතට ගැනීමට කටයුතු කරන බව මුදවා ගැනීමේ කණ්ඩායම් ප‍්‍රකාශ කර තිබෙනවා.
අදාළ පාසල් පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 12 දෙනා හා ඔවුන්ගේ පුහුනුකරු තායිලන්තයේ තෑම් ලූඈන්ග් නැමැති ගුහාවේ ගවේෂණ සදහා පිටව ගොස් තිබුනේ පසුගිය 23 වනදා යි. නමුත් ඔවුන් යලි නොපැමිණීම මත මුදවා ගැනීමේ කණ්ඩායම් විසින් මෙහෙයුම් ආරම්භ කලා.
ගුහා දොරටුවේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් දරුවන් සෙවීම සදහා ගුහාවට පිවිසීම දැඩි පරිශ‍්‍රමයකින් අනතුරුව සිදු කෙරුනු බවයි එම කණ්ඩායම් සදහන් කලේ.
කෙසේ වෙතත් කිමිදුම්කරුවන් සිදු කල මෙහෙයුම් වලින් අනතුරුව දරුවන් හා ඔවුන්ගේ පුහුණුකරු ඊයේ නිරුපද්‍රිතව සෙයා ගැනුනා.
Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe