හෙරොයින් සහ කෘතිම මත්පෙති සමග පුද්ගලයෙකු පංචිකාවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 03 යි මිලි ග‍්‍රෑම් 510 ක් සහ කෘතිම මත්පෙති 84 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 41 ක් හැවිරිදි යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 10 ක් ලග තබාගෙන සිටි තවත් පුද්ගලයෙකු බොරැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.