News Line| Off Air| Games
Generic placeholder image

Jul
4

ෆිෆා පාපන්දු සම්මාන උළෙලේ දි අපේකෂකයින් තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලය ප‍්‍රකාශයට පත්කෙරේ.

378 Views


ෆිෆා පාපන්දු සම්මාන උළෙලේ දි අපේකෂකයින් තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලය ප‍්‍රකාශයට පත්කෙරේ.

ෆිෆා ලෝක කුසලානයට සමගාමීව පැවැත්වෙන ෆිෆා පාපන්දු සම්මාන උළෙලේ දි අපේකෂකයින් තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම විනිශ්චය මණ්ඩලයට හිටපු පාපන්දු ලෝක ශූරයින් 10 දෙනෙකු නම් කර ඇති අතර ඊට බ‍්‍රසීලයේ හිටපු පාපන්දු ශූර රොනාල්ඩෝ පර්මන්යේ ලොතුරු මැතිතූස් ඉතාලියේ ෆැබ්රියෝ කැප්ලෝ සහ නයිජීරියාවේ එමානුවෙල් අමානි ද ඇතුළත්.

ලොව පාපන්දු කණ්ඩායම් වල ක‍්‍රීඩකයින් හා පුහුණුකරුවන් ඇගයීමට ලක් කරනු ලබනවා.

ඒ සදහා තෝරා ගත් අපේක්ෂකයින්ගේ නාම ලේඛණය ලබන 23 වනදා එළි දැක්වීමට නියමිතයි.

එහිදි අපේක්ෂකයින්ට සමාජ මාද්‍ය ඔස්සේ මනාපය පල කිරිමට ද ලොව පුරා සිටින පාපන්දු ලෝලීන්ට අවස්ථාව උදා වනවා.

සම්මාන උළෙළ ලබව සැප්තැම්බර් මාසයේ ලන්ඩනයේ දී ෆිෆා පාපන්දු සම්මේලනයේ දි පැවැත්වෙනු ඇතී.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ලබන 06 වනදා ආරම්භ වනවා.

ඒ සදහා කණ්ඩායම් 08 ක් මේ වන විට සුදුසුකම් ලබා අවසන්.

උරුගුවේ, ප‍්‍රංශය, රුසියාව, ක්‍රොඒෂියාව ,බ‍්‍රසීලය, බෙල්ජියම ස්වීඩනය සහ එංගලන්තය ඊට අයත් වනවා.

අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් පළමු තරඟය උරුගුවේ සහ ප‍්‍රංශ කණ්ඩායම් අතර ලබන 06 වනදා පැවැත්විමට නියමිතයි.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post