News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

ඇවන්ගාඞ් නඩු විභාගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

567 Views


ඇවන්ගාඞ් නඩු විභාගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවතින ඇවන්ගාඞ් නඩු විභාගය අත්හිටුවන මෙන් දන්වා අභියාචනාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කලා.

ඒ එම නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින්.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැදවනු ලැබුවා.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් සදහන් කලේ මෙම නඩුව ගොනු කර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව යි.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළ අතර නඩුවට අදාළ විරෝධතා තිබේනම් අගෝස්තු මස 26 වනදා ඉදිරිපත් කරන්නයි අල්ලස් කොමිසමට නියම කලා.

ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post