News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රතිශෝධන පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 18 වනදා

2458 Views


පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රතිශෝධන පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 18 වනදා

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන විසින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 18 වනදා සිදු කිීමට අභියාචනාධිකරණය නියම කලා.

අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ තමන් ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්.

ඒ අනුව අදාල ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද යළි සලකා බැලූ‍ණා.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමන්ව ඇපමත මුදා හැරීම පොදු දේපල පනත යටතේ කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවයි.

ඇප ප‍්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් දී ඇති නියෝගය නීතියට පටහැනි බවට තීන්දුවක් කොට තමන් ඇප මත මුදා හරින්නැයි නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

නඩුව අද කැදවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ කරුණු දැක්වීම අවසන් වුණා.

අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 18 වනදා තෙක් කල්දැමූ අභියාචනාධිකරණය එදින පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් කරුණු දැක්වීමට නියමිතයි.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post