මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදා නිළධාරීන් විසින්.
ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු ප‍්‍රදේශයේ දී අද පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ සමග ඔවුන්ට අයත් යාත‍්‍රාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ධීවරයින් සම්බන්ධ ඉදිරි පියවර ගැනීම සදහා ඔවුන් කන්කසන්තුරේ ධීවර කාර්යාලය වෙත භාර දී තිබෙනවා. අද අත්අඩංගුවට ගත් ධිවරයින් 12 දෙනා හැර වෙනත් කිසිදු ඉන්දීය ධීවරයෙක් මේ වන විට ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ නොමැති බවයි නාවික හමුදාව සදහන් කලේ.
මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි ධීවරයින් යළි ඉන්දියාවට භාර දී තිබෙනවා.